Study Tips

මතක තියාගන්න III

Posted

ඔබත් මමත් මේ ජීවත් වෙන ලෝකය බොහොම අපූරු එකක්. ඇත්තටම අපි මේ ජීවත් වන ලෝකය ගැන, එහෙමත් නැත්නම් මේ ජීවිතය ගැන දන්නෙ ඉතාමත් අල්පමාත්‍රයක් පමණයි. ඒත් අපිට අපේ ජීවිතය යහපත්ව ගොඩ නගාගන්න, අපේ අවබෝධය තරම් උපකාර වෙන කිසිවක් නැහැ. විශේෂයෙන් අපි භාවිතා කරන, නැතිනම් ප්‍රගුණ කරන විශයයන් පිළිබඳව විශේෂ අවබෝධයක් අප සතු වියයුතුමයි.

ඉතිං ඔබ ශිෂ්‍යයෙක්නම් ශිෂ්‍යාවක්නම්,

  • අවධානය යොමු කිරීම
  • සවන්දීම
  • ධාරණය කරගැනීම
  • නැවත සිහිකිරීම
  • භාවිතා කිරීම

කියන මේ විශය ශේෂ්ත්‍රයන් තුළ අති දක්ෂයෙක් වෙන්නම ඔ්න.
එහෙම නොවුනහොත් ඔබ ඉගෙන ගන්නා විෂය ශේස්ත්‍රය කුමක් උනත්, ඔබට එහි කෙළපැමිණෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.

ඉතිං අපේ මේ ලිපිපෙළ මතක තියාගැනීම නැතිනම් ධාරණය කරගැනීම පිළිබඳව නිසාවෙන් අපි ඒ පිළිබඳව තරමක් ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්න උත්සාහවත් වෙමු.

සවන් දීම

ඔබ දැන් සිටින්නෙ ඔබේ ගුරුවරයා ඉදිරියේ කියල හිතන්න. එතුමා කියන දේවල් වලින් කොයිතරම් ප්‍රමාණයක් ඔබ ගෙදර අරන් යනවද? ගෙදර ගිහින් පුනරාවර්ජනය කරන්න (පළමු ලිපියෙ කතාකරපු විදියට) නම් ඔබට ඒටික මතක තියෙන්න ඔ්න නේද?
සමහර දරුවන්ට තියෙන ගැටළුවක් මේක.
ඔව්න් පංතියෙන් ගෙදර අරන් යන්නෙ හරිම ඩිංගයි.
ඇයි ඒ් ?

ඒ් ඔබ ශිෂ්‍යයෙක් හො ශිෂ්‍යාවක් විදියට කෙළපැමිණ සිටිය යුතු විෂය ශේස්ත්‍රයක් තුළ, බොහෝම දුර්වල වෙලා ඉදීම නිසා.
ඒ මොකද්ද?…. ජීව විද්‍යාවද? ගණිතයද? ආර්ථික විද්‍යාවද?
නෑ…
ඒ තමයි ධාරණය කරගැනීම.
ඒකෙ මොකද්ද ප්‍රගුණ කරන්න තියෙන්නෙ? ඔවු ඔබට එහෙම හිතෙන්න පුළුවන්.

ධාරණය කරගැනීම කියන්නෙ වෙනමම විෂයක්. එයට සම්බන්ධ විවිධ පැතිකඩවල් තියෙනව.
දේශණයකට සවන්දෙන වෙලාවක, ධාරණය කරගැනීමත් හිතා මතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ධාරණයට සුදුසු වටපිටාවක් සකස් කරගන්නයි ඔබ මහන්සි වෙන්න ඔ්න.

ඉතින් මොකද්ද ඒ් වටපිටාව?

අපි එකින් එක බලමු. ධාරණය කරගන්න නම් ඔබට යමක් යම් විශයකරුණක් අරමුණු වෙන්න ඔ්න. ඒ කියන්නෙ ඇහෙන්න ඔ්න.
මෙතෙන්දි තමයි ඊළඟ වැදගත් කාරණය මතුවෙන්නෙ.

ඒ තමයි සවන්දීම.

ගොඩදෙනෙක් තුළ මේ කාරණාව ඉතාම දුර්වලයි. ඔබට හරියට ඇහුනෙ නැත්නම් කොහමටත් මතක තියෙන්නෙ නෑ නෙ.
ඇයි අහෙන්නෙ නැත්තෙ? කන් වල දොෂයක් නිසාද?(එහෙම නම් ඔබ යා යුත්තෙ වෛද්‍යවරයෙක් ලඟට)

ඇයි කන් ඇහෙද්දිත් ඇහෙන්නෙ නැත්තෙ?
ඒ ඔබේ අවධානයේ තියෙන දුර්වල කම නිසා. ඉතින් මේ දුර්වලකම තියෙන අය අත උස්සන්න බලන්න.
මං හිතන්නෙ ගොඩක් දෙනෙක් අත උස්සාවි.

දැන් අපිට යමක් පැහැදිලියි, අපිට මතකතියාගන්න බැරිවෙන්න, ධාරණය කරගන්න අමාරුවෙන්න එක හේතුවක් තමයි හොදින් සවන්දීමට තියෙන දුර්වලකම. සවන්දීම දුර්වල වෙන්න ප්‍රධාන හේතුවක් නිවැරදි හොඳ අවධානයක් පවත්වාගන්න බැරි කම.
ඉතින් දැන් ඔයාලට පැහැදිලිව පෙනෙනව ඇති හොඳ අවධානයක් පවත්වන්න පුරුදු වෙන එක කොයිතරම් වැදගත්ද කියල.

එහෙමයි කියල දත්මිටි කාගෙන අවධානය පවත්වන්නගත්තනම් හරිද?

 

අපි ඒ පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest
Share on telegram
Telegram
Share on email
Email
Share on print
Print

Leave a Reply

Your email address will not be published. Required fields are marked *