Study Tips

සමතුන්ගෙන් අහමු I

Posted
Helping Hand

මම අද ඕගොල්ලන්ට කියන්න යන්නේ A/L වලට රෙඩි වෙන්න මම භාවිතා කරපු මෙතඩ්ස් කීපයක්.. මම කියන්නේ නෑ ඕගොල්ලොත් මේ හැම මෙතොඩ් එකක්ම follow කරන්න ඕනේ කියල. මම විශ්වාස කරනේ හැමොටම තමන්ට unique උන මෙතඩ්ස් තියෙනවා කියල. තව කෙනෙක්ගේ මෙත්ඩ්ස් ඔයගොල්ලන්ට හරි යන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම උනත් අවසානයේ විය යුත්තේ ඔයාට විෂයන් ගැන හොඳ අවබෝදයක්, නිපුණතාවක් ලැබීම. ඔයාට හිතෙනවනම් ඔය බලාපොරොත්තුවෙන output එක ලැබෙන්නේ නෑ වගේ කියල ඔයාට පුළුවන් ඔයාගේ පාඩම් කරන විදිහ වෙනස් කරලා බලන්න. ඒ වගේම මම දැන් කියන්න යන්නේ පොදුවේ ඕගොල්ලන්ට try කරලා බලන්න පුලුවන් දේවල් කීපයක්.

1) මේ list එකේ ප්‍රධාන තැනක් time table එකට දෙන්න මම හිතුව. මොකද මම O/L කාලේ ඉදලම time table එකක් පාවිච්චි කලා. වෙන මොකක් නිසාවත් නෙමෙයි ; ඉස්කෝලේ, පන්ති ගිහින් ආවම කාල නිදගන්නමයි හිතෙන්නේ. මට තේරුණා මේක හරියන වැඩක් නෙමෙයි කියල. ඊටපස්සේ මං කලේ සතියේ දවස් 7ම දාල දවසේ පැය 24 ම දාල time table එකක් හැදුව. නිකමට මම කියනවට timetable එකක් හදල බලන්න. ඔයගොල්ලනට තේර්යි ඔයගොල්ලෝ දවසකට කොච්චරනම් කාලයක් අපතේ යවනවද කියල. දැන් මම time table එකක් හදා ගත්තනේ. ඊට පස්සේ නිකන් වෙලාව ගත කරනකොට මට හිතෙනවා මේ වෙලාව මන් වෙන් කරලා තියෙන්නේ මේ විෂය පාඩම් කරන්න නේද? මෙහෙම ඉදල හරියනේ නෑ නේද? කියල. ඒ කියන්නේ ඔයාලගේ brain එක ඔයාට සිග්නල් එකක් දෙනවා ඔය දැන් කරන්න ඕනේ පාඩම් වැඩ අතපසු කරනවා කියල. (timetable එක ඔයාලට නිතරම පේන තැනක තියන්න. නැත්තම් timetable එකක් තියෙනවා කියලත් අමතක වෙයි. 🙂 . එක නිසා time table එක කියන්නේ එක අතකට mind එක control කරන විදිහක්. timetable එකක් හදන්න guide එකක් ඕනනම් කියන්න. වෙනම පොස්ට් එකක දාන්නම්.අනිත් එක විෂයන් 3යි, අවුරුදු 2ක්ම තියෙනවා කියලනම් විහිළුවටවත් හිතන්න එපා. කාලේ වටිනාකම තේරෙන්නේ ටික ටික විෂයන් වල ගැඹුරට යන කොට. එක නිසා මුල ඉදන්ම timetable එකකට වැඩ කරන එකනම් ඉතාම හොඳ දෙයක්.

2) ඔයාට විභාගෙට මුහුණ දෙන්න තියෙන දවස් ගනන හොදට පෙන තැනක ලියන්න. තව ගොඩක් කල් තියෙනවා කියල හිතුවට එහෙම නෑ කියල එතකොට තේරෙයි.ඔය දවස් ඇතුලේ ඔය පන්ති යන්න ඕන, ඉස්කෝලේ යන්න ඕන, ඕගොල්ලන්ගේ personal වැඩ කරගන්න ඕනේ. එතකොට ඔයාට තනියම වැඩ කරන්න ඉතුරු වෙන්නේ අර කිව්ව දවස් ගානෙනුත් කොටසක් විතරයි. අනික පන්ති, ඉස්කෝලේ ගිහින් විතරක් ඔය campus යන්න හිතාගෙන ඉන්නවනම් ඔය ලස්සන හීනයක් දැක දැක ඉන්නේ. මොකද මට campus එක ඇතුලේ හම්බෙලා තියෙන ඔක්කොම යාලුවෝ hard workersල, පන්ති වලින් ඉස්කෝලෙන් ගන්න ඕනේ දේ අරගෙන ගෙදර ඇවිත් ගොඩක් self study කරපු අය.(ඔක්කොම කිව්වට එකෙක් දෙන්නෙක් හිටිය එකපාර ඔක්කොම තේරුම් අරගෙන lecturesලාටත් කියල දෙන්න පුළුවන් size එකේ 🙂 . ඒ උනාට හැමෝටම albert Einstein ලෙවෙල් එකේ මොළ පිහිටනේ නැනේ. 🙂 ඔයාට එහෙම මොලයක් තියෙනවනම් අවුලක් නෑ ඉතින් . 🙂 ). time table එකක වටිනාකම ඔයාට මෙතනදීත් තේරෙයි.


3) තුන්වෙනි point එක විදිහට මම ඔයාට කියන්න යන්නේ මෙන්ටල් state එක ගැන. ඕනෙම වැඩක් කරන්න හොඳ මෙන්ටල් ස්ටටේ එකක් තියෙන එක වැදගත්. ඔයාගේ personal ප්‍රශ්න , ගෙදර ප්‍රශ්න ඔලුවේ තියාගෙන මේක කරන්න ටිකක් අමාරුයි.එක නිසා study time එකට ඒවා ඔලුවෙන් අයින් කරන්න බලන්න.ෆොනේ එකකින් චිප් එකක් ගලවනවා වගේ ජීවිතෙන් ප්‍රශ්න ඇත කරන්න බෑ තමයි. නමුත් හිතන විදිහ වෙනස් කරගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නෙමෙයි. මටත් A/L කරන කලේ ගොඩක් ප්‍රශ්න තිබුන. ඒවා ඔක්කොම විසදගෙන A/L ලියන්න හිටියනම් අදටත් මට A/L ලියන්න වෙන්නේ නෑ. මට ප්‍රශ්නයක් අවම මම හිතුවේ මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද සහ මේ ප්ශ්න වලට හරියන solution එක ඉගෙනගන්න එක නේද කියල.එතකොට හිත යම් තාක් දුරකට නිදහස් වෙනවා. තව දෙයක්; පුලුවන්නම් දවසකට විනාඩි 10ක් භාවනා කරන්න. ඒවගේම පාඩම් කරන තැන මනසට බාද වෙන දේවල් තියන එපා.පාඩම් කරන වෙලාවට phone එක off කරලා පාඩම් කරන තැනට පුළුවන් තරම් ඈතින් තියන්න.(නැත්තම් ඕක ඔබන්නමයි හිතෙන්නේ.

හරි අදට මේ ඇති. තව දේවල් තියනවා කියන්න. ඒවා ඉස්සරහට වෙන පොස්ට් වලින් දාන්නම්. ඔය අන්තිම වෙනකන් මේක කියෙව්වා කියන්නේ ඔයාට උවමනාවක් තියෙනවා දෙයක් කරන්න. මේ කිව්ව දේවල් වලින් දෙයක් ගන්න පුලුවන්නම් එකත් අරගෙන ඔයාගේ උපරිම ශක්තිය යොදවල ගේමට බහින්න.

  • ගයාන් පෙරේරා (ඉංජිනේරු)(මොරටුව විශ්වවිද්‍යාලය) 
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest
Share on telegram
Telegram
Share on email
Email
Share on print
Print

Leave a Reply

Your email address will not be published. Required fields are marked *